චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර නැති බවත්, ජනාධිපතිවරණ අපේක්ෂකයින් සියලුදෙනා නම් කිරීමෙන් පසු තම පක්ෂයේ සහය ලබාදීම ගැන තීරණය කරන බව සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පෞද්ගලිකව එකිනෙකා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කළ ද පක්ෂයක් හැටියට පක්ෂය ගන්නා තීරණයට සියලුදෙනාම එකඟ විය යුතුයැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර ග්රායමීය සංවර්ධන අමාත්යි පී. හැරිසන් මහතා පවසයි.

Latest News