පී. හැරිසන්: මහින්ද එකාධිපති, රනිල් එකාධිපති නොවේ: අපේක්ෂක තින්දුව ප්‍රජාතන්ත්‍රීයව (විඩියෝ)

අගෝ 18, 2019
  • පෞද්ගලිකව එකිනෙකා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කළ ද පක්ෂයක් හැටියට පක්ෂය ගන්නා තීරණයට සියලුදෙනාම එකඟ විය යුතුයැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර ග්රායමීය සංවර්ධන අමාත්යි පී. හැරිසන් මහතා පවසයි.

    අද කැකිරාව ප්‍රදේශයේ ගොවීන්ට වගා වන්දී ප්‍රදානය කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව සඳහන් කළේය.

    පසුගියදා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඉදිරිපත් කළ කොන්දේසි වලට පක්ෂ නායකයන් එකග වී ඇතැයි ද ඒ අනුව එම දේශපාලන පක්ෂ නායකයින් ද එක මතයකට පැමිණ තිබෙන බවත් ඉදිරියේදී කණ්ඩායම් දෙකම එකම දිනක සාකච්ඡා කොට ඉදිරි තීරණයක් ගැනීමට යන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. මෙම එකඟතාවයන් සහ කොන්දේසි පිළිබඳව තවත් සතියකින් රටට හෙළිදරව් කිරීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ බවත් එතුමා පමණක් නොව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ජනාධිපති අපේක්ෂක වන බව සඳහන් කළ බවත් තවත් කීප දෙනෙකු ඒ ආකාරයෙන්ම ප්‍රකාශ සිදු කර තිබෙන නිසා සියලු දෙනාම අවසානයේ දී පක්ෂය ගන්නා තීරණයට එකඟ විය යුතු යැයි ඔහු පැවසිය.

    එම ප්‍රකාශ ඒ අය සිද්ධ කළ ද පක්ෂයට හානියක් සිදු වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කර නැති බව ද හැරිසන් මහතා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒකාධිපතිව තීන්දු තීරණ නොගන්නා බවත් ඒ අනුව කමිටුවක් පත්කොට ප්‍රජාතන්ත්‍රවාදීව සෑමගේ උදහස් වලට ඇහුන්කම් දීම සාකච්ඡාකොට තීන්දු තීරණ ගන්නා බවත් රාජපක්ෂ මහතා ඔහුගේ තීන්දුව තනි තීන්දු ගන්නා බවද කීවේය.

    එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී ඇති බවට ජනතාවට පෙනී යන බවත් එය උගුරට හොරා බෙහෙත් නොකා ප්‍රකාශ නොකරන්නේ මන්දැයි මෙහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළහ.
    ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු කඳවුරක් හෝ දෙකට බෙදී නැති බවයි. සජිත් පේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා අමතක කොට දමා වෙනම ගමනක් යන බවට කිසිදු තැනක ප්‍රකාශයක් සිදු කර නැතැයි ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් අතහැර දා වෙනම ගමනක් යන බවට ද ප්‍රකාශ කොට නැතැයි කීවේය.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය කලෙක පොදු අපේක්ෂකයා ලෙස තරග කළ බවත් ඔහුගේ ප්‍රතිඵලය තේරුම් ගත් බවත් එක්සත් ජාතික පක්ෂයේ යනු තනි පුද්ගලයෙකුගේ හෝ එක් කණ්ඩායමක පක්ෂයක් නොවන බවත් එම පක්ෂය කිසියම් පුද්ගලයකුට අවශ්‍ය විදිහට පාලනය කිරීමට නොහැකි බව ද ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවෙන් තීන්දු තීරණ ගන්නා බව අමාත්‍ය හැරිසන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉදිරියේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හැරිසන් ඇමැතිවරයා බැරිවෙලාවත් පත්කළොත් කුමන තීරණයක් ගන්නේ ද යන්න මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කල අතර ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමාට තවමත් ජනාධිපතිවරයා වීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය .

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:42

    Latest News