දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනය ක්‍රියාවලිය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ජාතික දුම්රිය සේවා සමිතිය පවසයි.
ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය අද ජනගත කෙරිණ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. "දකුණු ලකට අලුත් මඟක්" යන තේමාව යටතේ උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන් ආරම්භ කෙරිණ.
මෙරට දුම්රිය ගමනේ ඉතිහාසය..
ශ්‍රී ලංකාවට දුම්රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් හඳුන්වාදෙන්නේ 1864 දීය. උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටළුවලට විසදුමක් ලෙසට ඔවුහු ලංකාවට දුම්රිය මාර්ගය හඳුන්වා දුන්හ. එහි මුල්ම පියවර වූයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක ප්‍රධාන මාර්ගය ඉදිකිරීමයි. අනතුරුව පිළිවෙලින් 1864, 1874, 1885, 1894 සහ 1924දී ප්‍රධාන දුම්රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කෙරිණ. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දීත් මුහුදුබඩ මාර්ගය 1895දීත්, උතුරු මාර්ගය 1905දීත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දීත් කැලණිවැලි මාර්ගය 1919 දිත් පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කෙරිණ. කිලෝමීටර් 13.58ක දුරකින් යුත් අනුරාධපුරයේ සිට මිහින්තලාව දක්වා උතුරු දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව 1991දී සිදු කෙරිණ. කතරගම දුම්රිය යන සංකල්පය මුල්වරට හඳුන්වා දුන්නේද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වේ.
මාතර - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භය...
මාතර - කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයක් පළමුවරට සිදු වන්නේ 1990 වර්ෂයේදීයි. ඒ සඳහා එවකට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ කොරියා ඉදිකිරිම් අමාත්‍යාංශය අතර ගිවිසුමක් 1990 අත්සන් කෙරිණ. කොරියානු ජාත්‍යන්තර උපදේශන ආයතනය (KCI) එම ශක්‍යතා අධ්‍යයනය 1990 දෙසැම්බර් මස නොමිලේ ආරම්භ කරන්නේ එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස වේ. 1991 ජුනි මසදී එම ශක්‍යතා අධ්‍යයන වාර්තාව ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදී ඇත. එම අධ්‍යයනයේදී යෝජනා වූ දුම්රිය මාර්ග පථ ගණන තුනකි. දුම්රිය මාර්ගය මාතර සිට කැකණදුර, බඹරැන්ද, දික්වැල්ල, සීනිමෝදර, තංගල්ල, මැදගම, රන්න, හුංගම, නෝනාගම, අම්බලන්ගොඩ, හම්බන්තොට, බුන්දල, වීරවිල, තිස්සමහාරාමය, බෝගහපැලැස්ස, කතරගම දක්වා ඉදිකිරීමටත් එම ශක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් නිර්දේශ කෙරිණ. නිර්දේශිත දුම්රිය මාර්ගය කතරගම දක්වා කිලෝ මීටර සියයක් වේ. එම දුම්රිය මාර්ගය ඉදිකිරීමට එවකට ජනාධිපති ධුරයේ සිටි ආර්. ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව එනම් 1992 වර්ෂයේදී එවක ප්‍රවාහන අමාත්‍ය විජේපාල මෙන්ඩිස් මහතා දුම්රිය මාර්ගය ඉදි කිරිමට මාතරදි මුල්ගල තැබීය.
මාතරින් එපිට දුම්රිය ගමනේ ආරම්භය...
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මාතර දුම්රිය ස්ථානයෙන් එපිටට පළමුවරට දුම්රියක් ධාවන වන්නේ 2001 වර්ෂයේදීයි. ඒ එවකට ප්‍රවාහන හා පරිසර අමාත්‍ය ධුරය දෑරු දිනේෂ් ගුණවර්ධන මහතා සහ නාගරික සංවර්ධන මහජන උපයෝගිතා අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පිලදූව දක්වා දුම්රියක් ධාවනය කිරීමෙනි. නැවත 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ “නව දුම්රිය මාර්ග අමාත්‍යාංශය” ලෙස වෙනම අමාත්‍යාංශයක් පිහිටු වීය. එම අමාත්‍යාංශයේ ප්‍රථම අමාත්‍යවරයා වූයේ මහින්ද අමරවීර මහතායි. මාතර දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් මාතර - බෙලිඅත්ත දක්වා ඉදිකරිම් සිදු කළ යුතු බවට තීරණය වූයේ එහිදී වේ.
මාතරින් එපිටට දීර්ඝ කෙරුණේ මෙහෙමයි..
වර්ෂ 2005 වර්ෂයේදී මාතර දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය මුල් යෝජනාවට වඩා වෙනස් වූවකි. එනම් මුල් යෝජනාවේදී මාතර කතරගම දුම්රිය මාර්ගය තංගල්ල හරහා වැටී තිබුණත් නව යෝනාවේදී එය බෙලිඅත්තට මාරු විය. කිලෝමිටර් 26.75ක දුරකින් යුත් එම මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමට චයිනා නැෂනල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (CMC) සමාගම ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ වානිජ ගිවිසුම අත්සන් කරන්නේ 2010 අගොස්තු පස්වැනි දින වේ. ඉන් අනතුරුව 2013 පෙබරවාරි මස සහ මාර්තු මස මුදල් අමාත්‍යාංශය චයිනා එක්සිම් බැංකුව සමඟ දුම්රිය මාර්ග ඉදිකිරීමට ඩොලර් මිලියන 278ක සහන ණය ගිවිසුමකට එළැඹීය. වසර 03කින් නිම කළ එම දුම්රිය මාර්ගයේ පළමු නීරීක්ෂණ දුම්රිය ධාවන කෙරුණේ 2018 ජනවාරි 06 වැනිදා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙනි.
මාතර - බෙලිඅත්ත සුභ මෙහොතින් මංගල ගමන අරඹයි...
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුවුනේ දුම්රිය S - 12 වර්ගයේ වායුසමනය කළ දුම්රියක් එම මාර්ගයේ ධාවන කරමිනි. මැදිරි 8කින් යුත් එම දුම්රිය චීන නිෂ්පාදනයක් වේ. පැයට කිලෝමීර් 120ක වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි 20යි.
අභිනවයෙන් විවෘත කෙරුණ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ, බෙලිඅත්තේ දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 7ක් වේ. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය 4ක් මරදාන දක්වා ද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් 5ක්ම ගමනාන්තය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන් කරයි.
මේ සියලු ගමන්වල දුම්රිය කාල සටහන පහත පරිදි වේ.
බෙලිඅත්තෙන් ආරම්භවන දුම්රිය |
|||||
දුම්රිය අංකය සහ නම |
ආරම්භය |
අවසානය |
විශේෂ කරුණු |
||
8097 සාගරිකා |
බෙලිඅත්ත - 04.30 |
මරදාන - 08.23 |
|
||
8338 |
බෙලිඅත්ත - 06.30 |
ගාල්ල - 08.13 |
|
||
8057 ගාලු කුමාරි |
බෙලිඅත්ත - 05.20 |
මරදාන -09.28 |
|||
8057 A |
බෙලිඅත්ත - 05.20 |
මරදාන - 09.55 |
සෙනසුරාදා පමණි |
||
8085 රජරට රැජින |
බෙලිඅත්ත - 09.05 |
වව්නියාව - 20.17 |
කොළඹ කොටුවට 13.15 |
||
8051 |
බෙලිඅත්ත - 13.30 |
මරදාන - 18.12 |
|
||
8093 |
බෙලිඅත්ත - 05.50 |
යාපනය - 18.55 |
කොළඹ කොටුව 9.20 සෙනසුරාදා පමණි |
||
බෙලිඅත්තෙන් අවසන් කරන දුම්රිය |
|||||
දුම්රිය අංකය සහ නම |
ආරම්භය |
අවසානය |
විශේෂ කරුණු |
||
8050 |
මරදාන - 06.30 |
බෙලිඅත්ත - 11.20 |
|
||
8086 රජරට රැජින |
ව්වනියාව - 03.30 |
බෙලිඅත්ත - 14.42 |
කොළඹ කොටුවට ළඟාවීම 10.30 |
||
8056 ගාළුකුමාරි |
මරදාන - 14.15 |
බෙලිඅත්ත - 18.25 |
|
||
8096 සාගරිකා |
මරදාන - 16.40 |
බෙලිඅත්ත - 20.04 |
|
||
8766 |
මරදාන - 17.50 |
බෙලිඅත්ත - 22.15 |
|
||
8094 |
යාපනය - 08.20 |
බෙලිඅත්ත - 19.49 |
කොටුව 16.30 (ඉරිදා |
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ. මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි. කොළඹ කොටුව, මරදාන සහ අනුරාධපුරය වව්නියාව දක්වා ගාස්තු පහත වගුව පරිදි වේ.
මාතර - බෙලිඅත්ත විශේෂ ඇයි?
ජනතා අයිතියට පත්වුණු මාතර බෙලිඅත්ත මාර්ගය දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී මාර්ගයකි. විශේෂයෙන්ම මෙතෙක් ලංකාවේ දුම්රිය මාර්ගයක හමුවන දිගම පාළම වූයේ මනම්පිටිය පාළම වේ. එහි දිග මීටර් 291කි. ඉදිකර ඇත්තේ 1922දීය. නමුත් දුම්රිය ධාවනය ඇරඹී ඇත්තේ 1927දීය. හරියටම අනූ දෙවසරක් දිගම පාළමට හිමි කිරුළ දරාසිටි මෙම පාළම තෙවැනි තැනට ඇද දමමින් ලංකාවේ දිගින් වැඩිම සහ දෙවැනියට දිගින් වැඩිම පාළම් වල භූමිකාව අද හිමිවන්නේ මාතර - බෙලිඅත්ත දුම්රිය මඟේ ඉදිවූ පාළම් දෙකකටය.
බෙලිඅත්ත දුම්රිය මඟෙහි හමුවන ලංකාවේ දිගම දුම්රිය පාළම මීටර 1500ක් දිගය. එය "වටගම" පාළම ලෙස හඳුන්වයි. නමුත් එය ඉදිව ඇත්තේ ගංගාවක් හරහා නොව ගොඩබිම් ප්‍රදේශයක් හරහාය. නිල්වලා ගඟ හරහා ඉදිව ඇති පාළම මීටර 1400ක් දිගය. එසේම මෙරටදී පොළොව මට්ටමේ සිට වැඩිම උසකින් යුතු දුම්රිය පාලමද බෙලිඅත්ත දුම්රිය මාර්ගයේදී දැකගත හැකිය. ඒ වෙහෙරගොඩ ප්‍රදේශයේදීය. වෙහෙරගොඩ පාලම නමින් හැඳින්වෙන මෙම පාලම මීටර් 21ක (අඩි68ක් පමණ) උසකින් යුක්තය.
මෙතෙක් ලංකාවේ දිගම බිංගෙය ලෙස සැළැකූ කොළඹින් සැතැපුම් 108.73ක් දුරින් පිහිටි සිංගිමලේ බිංගෙය දෙවැනි තැනට ඇද දමමින් දුම්රිය උමඟක් බෙලිඅත්ත මාර්ගයේ ඉදිව තිබේ. දිඟින් වැඩිම දුම්රිය උමඟ කැකණදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇත. සිංගිමලේ උමඟ දිගින් අඩි 1835කි. නව උමඟ අඩි 2017ක් දිගය. එසේම එම මාර්ගයේ හමුවන අඩි 879ක් දිග බමරැන්ද උමඟ මෙරට හමුවන සිව්වැනියට දිඟම උමඟ බවට පත්වනු ඇත.
ලංකාවේ දිගම දුම්රිය ස්ථානය ලෙස බෙලිඅත්ත දුම්රිය පොළ වාර්තාවක් තබනු ඇත්තේ කොළඹ කොටුව වේදිකා දෙවැනි තැනට ඇද දමමිනි. 1915 දුම්රිය ස්ථාන නාමාවලිය තුළ බ්‍රිතාන්‍ය ජාතිකයින් බෙලිඅත්තට ලබාදුන් සංකේතය වූයේBEL යන සංකේත නාමයමයි. එම සංකේත නාමයම ලබන සදුදා සිට භාවිතයට ගන්නට වර්තමාන දුම්රිය බළධාරීන් කටයුතු කරන ඇත.
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නව දුම්රිය මාර්ගයට සුබ පැතුම්