වැඩවර්ජන සැලසුම් ඉතා අසාධාරණයි; ජාතික දුම්රිය සේවා සමිතිය

සැප් 25, 2019

    දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනය ක්‍රියාවලිය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ජාතික දුම්රිය සේවා සමිතිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩ වර්ජන පැවැත්වීමට සූදානම් වන්නේ, දේශපාලන වාසි අපේක්‍ෂාවෙන් බවයි. රජය ඉදිරි කාල සීමාවේ වැටුප් විෂමතා විසඳීමට පියවර ගෙන ඇති බැවින් වැඩවර්ජන පැවැත්වීමට අදාළ වෘත්තීය සමිති දරණ වෑයම තම සංගමය විසින් දැඩිව හෙළා දකින බව, ජාතික දුම්රිය සේවා සමිතිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. වෘත්තීය අයිතීන් දිනාගැනීම සඳහා ජනතාව අපහසුතාවට පත් කිරීම තමන් අනුමත නොකරන බව ද නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 18:58

    Latest News