කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Latest News