ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර මහනුවරින් අවසන්

මාර් 05, 2020

    කොළඹින් අද උදේ ආරම්භ කෙරුණු, ශ්‍රී ලංකා ගුවන් හමුදා 2020 පාපැදි සවාරියේ පළමු අදියර මහනුවරින් අවසන් කෙරුණා.

    එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වූයේ, ගුවන් හමුදාවේ සංජු දීමන්ත.

    තරගය ආරම්භ කෙරුනේ, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින්. පළමු අදියර වූ අද තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 109 දශම 53ක්. ගුවන් හමුදාවේ සංජු දීමන්ත ප්‍රථම ස්ථානය හිමිකර ගනිද්දී, දෙවන ස්ථානය දිනාගත්තේ දෙහිවල, නගර සභාවේ චතුර මධුශාන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ පැතුම් සම්පත්ට තෙවන ස්ථානය හිමිවුණා. තරගයේ දෙවන දිනය හෙටයි. එය මහනුවරින් ආරම්භ කර ත්‍රිකුණාමලයෙන් අවසන් කිරීමට නියමිතයි. හෙට තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 199 දශම 05ක්. එම තරගය ද රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ උදේ 8.00 සිට සජීව ලෙස නැරඹිය හැකියි.

    Latest News