LPL මූලික වටයේ ජය 'කළම්බෝ කිංග්ස්'

දෙසැ 12, 2020

    ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ජය වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.

    ඒ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලිය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි. ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමයි.

    ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් රැස් කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 65යි. පන්දු 40ක දී වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී කුආයිස් අහ්මඩ් කඩුලු 2ක් බිඳහෙලුවා.

    පිළිතුරු ලෙස කළම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි, පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 205ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    ලෝරි ඉවෙන්ස් ලකුණු 53යි. ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත්. කුආයිස් අහමඩ් නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර අශාන් ප්‍රියංජන නොදැවී ලකුණු 47යි.

    තරගයෙන් කළම්බෝ කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 6කින්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙන්නේ, කළම්බෝ කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර. දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News