ඒ, දුර පැනීම ඉසව්වෙන්.
ඇය දැක්වූ දක්ෂතාව මීටර් 4 යි දශම 8 යි 5 ක්.
එම ඉසව්වේ 3 වන ස්ථානය ශ්රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී විසින් දිනාගත්තේ මීටර් 4 යි දශම 7 යි 7 ක දක්ෂතාවක් වාර්තා කරමින්.
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒ සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 8 දෙනෙකු එක්ව තිබෙනවා.
මේ අතර 2018 වසරේ පැවති ආසියානු පැරා මලල ක්රීඩා ශුරතා තරගාවලියේදී කාන්තා දුර පැනීම ඉසව්වට එක් වූ උස්බකිස්තාන් ක්රීඩිකාවක් තහනම් උත්තේජක ගත් බවට තහවුරුවීම හේතුවෙන් එම ඉසව්වේ රන් පදක්කම ශ්රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතීට හිමි වුණා.
එම ඉසව්වේ සිව්වන ස්ථානය දිනාගත් කුමුදු ප්රියංකාට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.
එම පදක්කම් ඊයේ දිනයේදී තරග සංවිධායකයින් විසින් මෙම ශ්රී ලාංකිකයින් දෙපළට ලබාදීමට පියවර ගත්තා.