ශ්‍රි ලංකා පිලේ පිතිකරණ අංශය අවිශ්ක යටතට

ජන 30, 2019

    ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ.

    අවිශ්ක ගුණවර්ධන ශ්‍රි ලංකා “ඒ“ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි.

    ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ජෝන් ලෙවිස් සිය පවුලේ ගැටලුවක් හේතුවෙන් කණ්ඩායමෙන් නිවාඩු ලබා සිටින බව ශ්‍රි ලංකා ක්‍රිකට් පවසයි. අවිශ්ක ගුණවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 61 කට සහ ටෙස්ට් තරග 06 ක්‍රීඩා කර තිබේ.

    ශ්‍රි ලංකා සහ ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි පළමු වැනිදා කැන්බරා හිදි ආරම්භ විමට නියමිතයි.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 18:09

    Latest News