අවසන් මහා තරගයේදී මහේෂ්ට 6 වැනි තැන

අගෝ 29, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ "පී.ආර්.එක" පිරිමි කේවල ඔරු පැදීමේ "බී" කාණ්ඩයේ අවසන් මහ තරගයේ දී, 6 වන ස්ථානය දිනා ගැනීමට මහේෂ් ජයකොඩි ක්‍රීඩකයා අද සමත්විය.

    පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන්, මෙරට ඔරු පැදීමේ ක්‍රීඩකයෙකු සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. මහේෂ් ජයකොඩි "පී.ආර්.එක" කාණ්ඩයේ දෙවැනි මූලික වටයේ තරගයටයි සහභාගි වුණේ, ඔහුට "ඒ" කාණ්ඩයේ අවසන් තරගය අහිමි විය.

    මහේෂ් ජයකොඩි "බී" කාණ්ඩයේ අවසන් මහා තරගයට සහභාගි වෙමින් 6 වැනි ස්ථානය හිමිකර ගත්තේ, මිනිත්තු 13යි, තත්පර 12.33ක කාලයක් වාර්තා කරමින්.

    Latest News