ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද (09) සවස මේ බව, නිල වශයෙන් නිවේදනය කළා. ක්රිස් සිල්වර්වුඩ් මෙරට ක්රිකට් ප්රධාන පුහුණුකරු තනතුරට පත්කර ඇත්තේ, වසර 02ක කාලයක් සඳහායි. ඒ අනුව, ඔහු එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ සිට ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති. ක්රිස් සිල්වර්වුඩ් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ක්රියා කර තිබෙනවා.