ලසිත් මාලිංග ලකුණු 37 කඩුලු 4යි

අප්‍රේ 27, 2019

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ තරඟයෙන් ජය වාර්තා කිරීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වූහ.

    ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 4ක් දවාගත්තා. තරගය පැවැත්වුණේ චෙන්නායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු ලකුණු 155ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු 67යි. ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුලත්. එවින් ලෙවිස් ලකුණු 32ක් රැස් කළ අතර, හර්දික් පාන්ඩ්‍යා ලකුණු 23යි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ, ලකුණු 109ක් පමණි. මුරලි විජේ ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය.


    පන්දු යැවීමේ දී ලසිත් මාලිංග පන්දුවාර 3යි පන්දු 4කදී ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙලීය. මුම්බායි ක්‍රීඩකයින් තරගය ජයගත්තේ ලකුණු 46කින්.

    Latest News