නඩු මගට ගිය ඉතාලි පිළිමය

දෙසැ 07, 2018

    අමෙරිකාවේ කෞතුකාගාරයක තැන්පත් කර තිබෙන, ඉතාලියට අයත් සියවස් ගණනක් පැරණි පිත්තල ප්‍රතිමාවක් නැවත ලබා දිය යුතු බවට, ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

    අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ගෙටී කෞතුකාගාරයේ මෙම ප්‍රතිමාව තැන්පත් කර තිබේ. ග්‍රීසියේ විසූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පෞද්ගලික ප්‍රතිමා නිර්මාණ ශිල්පියා වූ ලිසිප්පෝස් විසින් මෙය නිර්මාණය කරනු ලැබීය.

    මළල ක්‍රීඩකයෙකු නිරූපනය වන ආකාරයට නිමවා ඇති මෙම ප්‍රතිමාව වික්ටෝරියස් යූත් නමින් හැඳින්වේ. කිසිඳු අපනයන බලපත්‍රයක් නොමැතිව මෙය රටින් රැගෙන ගොස් ඇතැයි, ඉතාලිය චෝදනා කරයි.

    Latest News