අමෙරිකාවේ මැද පෙරදිග සාම සැලැස්ම අරාබි ලීගය ප්‍රතික්ෂේප කරයි

පෙබ 03, 2020

    අරාබි ලීගය හදිසි රැස්වීමක් පවත්වමින් අමෙරිකාව ඉදිරිපත් කළ මැද පෙරදිග සාම සැලැස්ම ප්‍රතික්ෂේප කරයි.

    එම සැලැස්ම මගින් පලස්තීන ජනතාවගේ අවම අයිතීන් හෝ අපේක්ෂාවන් ඉටු නොවන බව එම ලීගයේ විදේශ අමාත්‍යවරු පවසති.

    එම රැස්වීම අවසානයේ නිකුත් කෙරුණු නිවේදනයට අනුව සාම ගිවිසුම අසාධාරණ ගිවිසුමක් ලෙසට හඳුන්වා දී ඇත.

    අමෙරිකාවේ අසාධාරණ ගිවිසුම වර්ජනය කිරීමටත් එය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාව සමග කිසිදු ආකාරයේ සහයෝගයකින් ක්‍රියා නොකිරීමටත් අරාබි ලීගයේ විදේශ ඇමතිවරු තීරණය කළහ.

    අමෙරිකා සැලැස්ම ජාත්‍යන්තර නීතිය පදනම් කරගත් සාම ක්‍රියාවලිය හා එක්සත් ජාතීන්ගේ අදාළ විසඳුම් යෝජනා උල්ලංඝනය කිරීමක් ලෙසට ද අරාබි විදේශ අමාත්‍යවරු සලකති.

    Latest News