එල්සැල්වදෝර් රාජ්‍යය ද කොරෝනා වෛරසය පැතිරීම වැළැක්විම සඳහා ක්‍රියාමාර්ග දැඩිකර තිබේ. අමෙරිකාවේ සිට පැමිණ මගී ප්‍රවාහන නෞකාවක සිටි මගීන් මෙලෙස පරික්ෂාවට ලක් කෙරුණේ ඒ අනූවයි. ඉන්දියාව ද චීන සංචාරකයන්ට ලබා දෙන ඊ වීසා පහසුකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මේ අතර කොරෝනා වෛරසය උච්ජතම අවස්ථාවට පැමිණ ඇති බව ප්‍රකාශ කිරීම වේලාසන වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ හුබෙයි පළාතේ රෝගීන්ගේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.