අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශ කෙරුණේ, ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. අමෙරිකාවෙන් මරණ 11ක් වාර්තා වී තිබේ.
අමෙරිකාවේ කැලිෆෝනියාවට ඔබ්බෙන් නවතා ඇති මගී නෞකාවක සිටින පිරිසට වෛරසය වැළඳී ඇති ද යන්න පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවයි, වාර්තා වන්නේ. ඒ එම නෞකාවේ ගමන් ගත් 71 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වී මිය යාමෙන් අනතුරුවයි. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් තුන්දහසකට අධික පිරිසක් මියගොස් තිබේ. ලොව පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනූ දෙදහසකට අධිකයි.