ඉතාලියේ සියලුම පාසල් වසා දැමේ

මාර් 06, 2020

    කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හමුවේ ඉතාලියේ සියලුම පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් එල්ලවන ඉතාලියේ සියලු පාසල් අද සිට දින 10 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

    ඉතාලියේ සියලුම වෘත්තීමය තරගාවලි ද මාසයක් කල් දමා ඇති බව වාර්තා වේ.

    කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පුද්ගලයින් 107 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.

    යුරෝපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.

    ඉතාලියේ පළාත් 20 කින් කොරෝනා අසාධිතයින් 3000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

    Latest News