“කොරෝනා“ පිටුදැකීමට ට්‍රම්ප්ගෙන් ඩොලර් කෝටි 830ක හදිසි මූල්‍ය ප්‍රතිපාදන

මාර් 07, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව කොරෝනා වෛරස් ආසාදනය පිටුදැකීම සඳහා ඩොලර් කෝටි 830ක හදිසි මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගත්තා.

    ඊට අදාළ පනත් කෙටුම්පතට ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී අත්සන් තැබූ බවයි, වාර්තා වෙන්නේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සැලසුම් සඳහා ජනාධිපතිවරයා වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන භාවිත කෙරෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 225ක්. මරණ 14ක් වාර්තා වී තිබෙනවා. අමෙරිකානු ඩොලර් කෝටි 830ක මුදලක් කොරෝනා වෛරසයට එරෙහි සටනට වෙන් කිරීමට සෙනෙට් මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළා.

    එය ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කෙරුණේ ඉන් අනතුරුවයි. සෙනෙට් මණ්ඩලයේ බලය හොබවන රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් දෙපාර්ශවයම මේ සඳහා එකඟතාව ලබාදුන්නා. අමෙරිකානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, එරට කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීමේ පර්යේෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් හා කඩිනම් වියයුතු බවයි.

    Latest News