ධවල මන්දිරයේ වැඩබැලීමට මික්

දෙසැ 15, 2018

    ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ නව වැඩබලන ප්‍රධානියා ලෙස මික් මුල්වනෙයි නම් කර තිබේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ පත් කිරීම නිවේදනය කරන ලද්දේය. මික් මුල්වනෙයි මින් පෙර කළමනාකරණ සහ අය වැය කාර්යාල අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේය. 51 හැවිරිදි ඔහුගේ මෙම ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය මින් පෙර දරන ලද්දේ ජෝන් කෙලී විසිනි.

    කෙසේ වෙතත්, මෙම වර්ෂ අවසානයේ ජෝන් කෙලී සිය ධුර කාල සීමාව අවසන් කරමින් ඉන් සමුගැනීමට අපේක්ෂා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් ජෝන් කෙලී පිළිබඳ විග්‍රහ කර ඇත්තේ, රට තුළ ප්‍රගමනයක් ඇති කිරීමට උත්සහ කළ මහා දේශප්‍රේමියෙකු ලෙසයි.

    එසේම, නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නම් කළ මික් මුල්වනෙයි මින් පෙර කටයුතු කළ තනතුරේ විශිෂ්ට සේවයක් සිදුකළ බව ද ජනාධිපතිවරයා අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සටහන් කළේය. අමෙරිකාව ඉදිරියේ දී විශිෂ්ටත්වය කරා රැගෙන යාමට මික් මුල්වනෙයි, සමත් වනු ඇතැයි, ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

    Latest News