එරට ඊයේ දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 793ක්. එරට මේ වන විට මරණ සංඛ්‍යාව 5,000කට ආසන්න අගයක් ගෙන තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 53,500 ඉක්මවයි. ඉතාලියේ රෝගය පාලනය කර ගැනීමට බලධාරීන් විසින් දැඩි පියවර ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට වැඩිම රෝගීන් වාර්තා වන ලොම්බාඩි පළාත තුළ කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව කිසිඳු පුද්ගලයෙකුට එළිමහනේ ව්‍යායාම කිරීම පවා තහනම් කර තිබේ.
එසේම භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙන් කර තිබෙන යන්ත්‍ර භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි, වාර්තා වන්නේ.