මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 5,476ක් ලෙසයි. ඊයේ දිනයේ පමණක් ඉතාලියේ මරණ 651ක් වාර්තා විය. ලොව වැඩිම කොරෝනා වෛරස මරණ වාර්තා වන රට වන්නේ ඉතාලියයි. ඉතාලියේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා එරට අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමක අනූව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉතාලියට 800ක් පමණ වන හමුදා හා විශේෂඥ කණ්ඩායම් යැවීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව කියුබාව ද වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් මේ වන විටත් ඉතාලියට පිටත්කර යවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.