ජී - 20 කණ්ඩායමෙන් ඇ.ඩො. ට්‍රිලියන 05 ක් ගෝලීය ආර්ථිකයට

මාර් 28, 2020

    නව කොරොනා වසංගතයට මුහුණදීම සඳහා ගෝලීය ආර්ථිකයට ඇ.ඩො. ට්‍රිලියන පහක් එකතු කරන බව ජී - 20 කණ්ඩායම ප්‍රකාශ කරයි.

    නව කොරොනා නියුමෝනියා වසංගතයට මුහුණ දීම පිළිබඳ ජී - 20 කණ්ඩායමේ ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක්, වීඩියෝ ක්‍රමයට පසුගියදා පැවැත්විණ.

    ආර්ථිකයට සහාය දක්වමින් ශ්‍රමිකයන් හා ව්‍යාපාර, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා තම කණ්ඩායම වේගවත් හා ශක්තිමත් පියවර යොදමින් සිටින බව, එම රැස්වීමට සහභාගි වූ විවිධ රටවල නායකයෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

    වසංගතයෙන් සමාජයට, ආර්ථිකයට හා මුල්‍ය ක්ෂේත්‍රයට එල්ල වන බලපෑම් අවම කිරීමේ අරමුණෙන් ගෝලීය ආර්ථිකයට ඇ.ඩො. ට්‍රිලියන පහක් එක් කිරීමට සැලසුම් කර ඇත.

    එය විශේෂ ඉලක්කගත මූල්‍ය ප්‍රතිපත්තිය, ආර්ථික විධිවිධාන හා ඇප සැළැස්මේ කොටසක් බව ද ප්‍රකාශ කෙරේ.

    Latest News