යානය, 25 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමකින්ද, රෝහල් ඇඳන් 44කින් ද සමන්විතයි. මේ අනූව, ඉතාලියේ සිටින වෛරසය ආසාදිතයන් ජර්මනියේ රෝහල් වෙත රැගෙන ඒමට මේ ගුවන් යානය භාවිත කිරීමට නියමිතයි.
1800කට අධික මගීන් පිරිසන් රැගත් මගී නෞකාවක සිටි නිරෝගී මගීන් පිරිසක් වෙනත් නෞකාවකට මාරුකිරීමට බලධාරීන් ඊයේ තීරණය කළ බව, පැනමා නාවුක නිලධාරීන් පවසයි. නෞකාවේ සිටි මගීන්ගෙන් 130කට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා සිව් දෙනෙකු නෞකාව තුළම මියයාම මීට හේතුවයිඤ.