විශේෂයෙන් අප්‍රිකාව, අග්නිදිග ආසියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ මෙන්ම ලතින් අමෙරිකාවේ සමහර ප්‍රදේශ වලද විශාලතම හිඩැස් දක්නට ලැබෙන බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ලොව පුරා සෞඛ්‍ය සේවකයන්ගෙන් අඩකට වඩා හෙදියන් වුවද එය මිලියන 28 කට අඩු සංඛ්‍යාවක් බව ද ඔහු කියා සිටී.
මෙම ගෝලීය හෙද හිඟය මඟහරවා ගැනීම සඳහා මුළු හෙද උපාධිධාරීන් සංඛ්‍යාව වසරකට සාමාන්‍යයෙන් 8% කින් වැඩි කළ යුතු බව ඇස්තමේන්තු කර ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.