කිම් ජොං අන්ගේ සෞඛ්‍ය ගැන දැඩි අන්තර්ජාතික අවධානයක්

අප්‍රේ 25, 2020

    උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරස්පර විරෝධි වාර්තා පළ වෙමින් තිබේ.

    කොරෝනා ව්‍යාප්තිය හමුවේ වුවද, ලෝක නායකයන් හා මාධ්‍ය මේ සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.

    පසුගිය සති කිහිපය තුළ කිම් ජොං අන් ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ නැහැ. රාජ්‍ය උත්සව කිසිවෙකට ඔහු සහභාගි වුයේ ද නැහැ. දකුණු කොරියාවෙන් ලැබුණු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, උතුරු කොරියානු නායකයා මේ වනවිට හෘද සැත්කමකට ලක්කර ඇති බවයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ, එම වාර්තා පිළිගත නොහැකි බවයි. කිම් ජොං අන් අසනීප බවට පළවන වාර්තාවල මූලාශ්‍රය බෙහෙවින් පැරණි බව ජනාධිපති ට්‍රම්ප්ගේ මතයයි. කෙසේ වෙතත්, කිම් ජොං අන්ට යහපත් සෞඛ්‍ය තත්වයක් ප්‍රාර්ථනා කරන බව ට්‍රම්ප් සඳහන් කරයි.

    මේ අතර, තවත් මාධ්‍ය වාර්තාවක දැක්වුණේ, කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීම සඳහා චීනය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට යවා ඇති බවයි.

    Latest News