ඔස්ට්‍රේලියාවට සයිබර් ප්‍රහාරයක්

ජූනි 19, 2020

    විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

    මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩිවීමක් සිදුව ඇති බව පැවසූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එය විදෙස් රටක සිට ක්‍රියාත්මක වන බවද සඳහන් කර සිටී.

    සයිබර් විශේෂඥයෙකු වන නික් සැව්වීඩිස් ප්‍රකාශ කර සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති හැකියාව සහිත රටවල් 10ක් හෝ 15ක් සිටින බවයි.

    ඒ අතරට චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල්ද සිටින බවයි ඔහු කියා සිටියේ.

     

    Latest News