අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හි චීන කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට එරට රජය නියෝග කිරීමෙන් පසුව චීනය දැක්වූ ප්රතිචාරයක් ලෙසයි, චෙන්ඩු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ.
චෙන්ඩු කොන්සියුලර් කාර්යාලයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉවත්ව යන ආකාරය දැකගැනීමට හැකිවිය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්රකාශයක් බීජිං නුවර අමෙරිකා තානාපති කාර්යාලය මෙතෙක් නිකුත් කර නැහැ.
චෙන්ඩු හි අමෙරිකා කොන්සියුලර් කාර්යාලය 1985 වසරේදී ආරම්භ කෙරුණු අතර එහි සේවකයන් 200 දෙනෙකු පමණ සේවය කරනවා.
ඒ අතරින් 150 දෙනෙකු පමණ චීන ජාතිකයින්.