“ප්ලැටිපස්“ සත්ව විශේෂය වඳවීයාමේ තර්ජනයක

අගෝ 20, 2020

    ඔස්ට්‍රේලියාවේ වෙසෙන ප්ලැටිපස් නමැති සත්ව විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇතැයි විද්‍යාඥයින් පවසයි.

    මිරිදිය ආශ්‍රිතව ජීවත්වන මෙම සත්වයා ඔස්ට්‍රේලියාවට පමණක් ආවේනික සත්වයෙක්.

    දැනට ලොව කුඩා ප්‍රදේශයක පමණක් ජීවත් වන මෙම සත්ව විශේෂය ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා දූපත් ආශ්‍රිතව මෙන්ම නැගෙනහිර හා ගිනිකොණ වෙරළ තීරයට ආසන්න මිරිදියේ ජීවත්වේ. ගංගා ආශ්‍රිතව මසුන් ආහාරයට ගනිමින් ජීවත්වන මෙම ප්ලැටිපස් සත්වයාට තාරාවෙකුට මෙන් හොටක් සහ පාද 4ක්, පිහිනා යාමට කුඩා වලිගයක් ද පිහිටා තිබේ. ඔස්ට්‍රේලියාවේ සිදුවූ වනාන්තර ගිනි ගැනීම් හේතුවෙන් මෙම සතුන් බොහොමයක් විනාශ වූ බව විද්‍යාඥයින් පවසයි. ප්ලැටිපස් මෙන්ම, කෝලා සතුන් සහ කැන්ගරුවන් ද බිලියන 3කට ආසන්න පිරිසක් ලැව්ගිනි හේතුවෙන් මියගොස් තිබේ.

    Latest News