එම ප්රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ් හි පර්යේෂකයින් විසින් සිදුකරන ලද මහාපරිමාණ අත්හදා බැලීමේ ක්රියාවලියකින් අනතුරුවය.
ඔවුන් සඳහන් කරනුයේ තමන් නිපදවූ එන්නතේ මාත්රාව නවීකරණය කිරීමෙන් එහි සාර්ථකත්වය සියයට 90ක් අභිබවා ඉහළ නංවා ගත හැකි බවයි.
මේ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා කෝවිඩ් - 19 ගෝලීය වසංගතය සමනය කිරීම සඳහා දැනට නිපදවෙමින් තිබෙන වැක්සින සියල්ල අතරින් වඩාත්ම සාර්ථක මුල් පෙළේ වැක්සිනය බවට මෙය පත් වේ.
එසේම මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත ඉතා ලාභදායී වනු ඇතැයි ද සඳහන්වේ.