පෝලන්තයේ ආසාදිතයින් දස ලක්ෂය ඉක්මවයි

දෙසැ 03, 2020

    පෝලන්තය කොරෝනා ආසාදිතයන් දස ලක්ෂය ඉක්මවූ රටවල් අතරට එක්ව ති‍බේ.

    මේ වන විට එරටින් දස ලක්ෂ දහතුන් දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වන බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් දහතුන් දහසකට අධික පිරිසක් හඳුනා ගැනිණ.

    යුරෝපයේ වෙනත් රටවල මෙන් පෝලන්තයේ ද ශීත දේශගුණයක් පැවතීම දෛනික ආසාදිතයන් ඉහළයාම කෙරෙහි බලපා තිබේ. මේ වන විට එරටින් කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස දහ අට දහස ඉක්මවයි.

    ගතවූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 609ක් බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News