උතුරු මුහුදේ තෙල් - ගෑස් ගවේෂණය ‍ඩෙන්මාර්කය අතහරී

දෙසැ 05, 2020

    උතුරු මුහුදේ තෙල් හා ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය අවසන් කිරීමට ඩෙන්මාර්කය සූදානම් වෙයි.

    මේ පියවර ගෙන ඇත්තේ,2050 වසර වන විට ඛනිජ සහ ඉන්ධන නිස්සාරණය හා භාවිත නවතා දැමීමේ පළමු පියවරක් ලෙසයි. ඒ අනූව, තෙල් හා ගෑස් ලබා ගැනීම සඳහා ලබාදෙන අවසර පත්‍ර අවලංගු කිරීමට ඩෙන්මාර්ක් රජය තීරණය කර තිබේ.

    රටට විශාල මුදලක් එමගින් අහිමි වුවද, ඩෙන්මාර්කයේ ඉදිරි දැක්ම වී ඇත්තේ,පරිසර හිතකාමී බලශක්ති වෙත යොමු වීමයි.

    සුළං හා සූර්ව බල ශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති මෙන්ම විදුලියෙන් ක්‍රියා කරන රථවාහන සඳහා ද දැනටමත් රට තුල විශාල ඉල්ලුමක් පවතින බවයි,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 12:21

    Latest News