කොරෝනා මර්දන එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවට මහ රැජින සහ පිලිප් කුමරු

දෙසැ 07, 2020

    බ්‍රිතාන්‍ය රජයේ මහ පරිමාණ එන්නත් වැඩසටහන සහ එන්නත් ලබාදීමේදී වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දීම යටතේ එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු ද මුලින්ම එන්නත ලැබෙන පිරිස අතර සිටින බව වාර්තා වේ.

    මහ රැජිනිය මේ වනවිට 94 වැනි වියේ පසුවන අතර, පිලිප් කුමරු 99 වැනි පසුවේ.

    අමෙරිකාවේ ෆයිසර් සමාගම් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් - 19 එන්නත අගහරුවාදා (8) සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදීමට එරට රජය මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.

    එක්සත් රාජධානියේ 60,000කට වැඩි පිරිසකට ජීවිත අහිමිවී තිබෙන අතර, එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවයි.

     

    Latest News