Moderna එන්නතටත් අමෙරිකාවේ අනුමැතිය

දෙසැ 19, 2020

    covid - 19 මර්ධනය සඳහා Moderna එන්නත භාවිත කිරීමට ඇමරිකානු රජය අවසර ලබා දී තිබේ.

    එරට ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් මෙම එන්නත භාවිතයට අවසරය ලබා දුන්නේ දැනටමත් භාවිත වන ෆයිසර් එන්නතට අවසරය ලබාද සතියක කාලයක් අතරතුර ය.

    ඒ අනුව Moderna එන්නතේ මාත්‍රා මිලියන 200 ක් මිලදී ගැනීමට එක්සත් ජනපදය එකඟ වී ඇති අතර ඉන් මිලියන හයක් කඩිනමින් නැව්ගත කිරීමට සූදානම් කර ඇත.

    ලොව වැඩිම Covid - 19 මරණ හා රෝගීන් සංඛ්‍යාව ⁣වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

    ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අවම වශයෙන් මරණ 311,529 ක් සහ ආසාදිතයින් 17,269,542 ක් මේ දක්වා ඇමරිකාවෙන් වාර්තා වී තිබේ.

    Latest News