කොරෝනා ගෝලීය මරණ ලක්ෂ 17කට අධිකයි

දෙසැ 23, 2020

    කොරෝනා ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හත්කෝටි 83 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 17 ලක්ෂයකට අධිකයි.ලොව වැඩිම කොරෝනා මරණ වාර්තාවන අමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 86 ලක්ෂය ඉක්මවා තිබේ. එරට මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 30,000කට අධිකයි.

    ඊයේ පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2කට ආසන්න පිරිසක් වාර්තා විය. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ,අසල්වැසි ඉන්දියාවෙන්. එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට කෝටිය ඉක්මවා ගිහින්.

    ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 46,000කට අධිකයි.

    ලොව තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන බ්‍රසීලයේ,ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ තුන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 88,000කට අධිකයි. දඅ වන විට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 74ක් බවට පත්ව තිබේ.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:09

    Latest News