කැලිෆෝනියා ප්‍රාන්තයෙන් මි. 10කට වරක් කොරෝනා මරණයක්

ජන 04, 2021

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සෑම මිනිත්තු 10කට වරක් කොරෝනා මරණයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

    පසුගිය පැය 24 තුළ එම ප්‍රාන්තයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 102ක්. නව වසරේ ප්‍රථම දිනයේ දී කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 585ක්. අමෙරිකානු ජනගහනයෙන් මිලියන 21ක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ. එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද දෙලක්ෂය ඉක්මවා ගොසින්. දෛනික මරණ සංඛ්‍යාව දෙදහසකට ආසන්න වීම විශේෂත්වයක්.

    ලොව සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අටකෝටි පනස් පන් ලක්ෂය ඉක්මවයි. මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 18 ලක්ෂ 50,000කට අධිකයි. ලොව කෝටි 6කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා සිටී.

    දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක වුවද, දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව බ්‍රිතාන්‍යයේ පාසල් අඛණ්ඩව විවෘත කෙරෙන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඉකුත් පැය 24 තුළ පමණක් එරටින් නව ආසාදිතයන් 54,990ක් හඳුනා ගැණින. සෙසු රටවලට සාපේක්‍ෂව බ්‍රිතාන්‍යයෙන් දෛනික ආසාදිතයන් වාර්තාවීමේ වේගය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණි.

    Last modified on සදුදා, 04 ජනවාරි 2021 20:12

    Latest News