චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍යාංශය පසුගියදා (5) ඊට අදාළ තොරතුරු හෙළි කළේය.
කර්මාන්ත දාමයේ විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු කරමින් අදාළ ව්‍යවසායන්ගේ කර්මාන්තකරණ ක්‍රියාදාමය කඩිනම් කර නිෂ්පාදනය හා සැපයීම සහතික කරන බව එම අමාත්‍යාංශය කියා සිටී.
අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්තවලට අනුව, චීනයේ Sinopharm සමූහයට අයත් national vaccine serum ආයතනයේ බෙයිජිං සමාගම, වූහන් සමාගම හා බෙයිජිං Sinovac life science සමාගම ඇතුළු එන්නත් නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදන කටයුතු කඩිනම් කර ඇත.
මේ සම්බන්ධයෙන්, චීනයේ Sinopharm සමූහයට අයත් national vaccine serum ආයතනයේ බෙයිජිං සමාගම පැවසුවේ නිෂ්පාදනය කඩිනම් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් මේ වසරේ නව කොරොනා එන්නත් බිලියනයක් නිෂ්පාදනය කළ හැකි බවයි.
දැනට චීනයේ ව්‍යවසායන් 18ක් නව කොරොනා එන්නත් නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක කර තිබෙන බව චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එන්නත් නිෂ්පාදන හැකියාව ඉහළ නංවා අදාළ සමාගම්වල නිෂ්පාදන හැකියාව පූර්ණ කිරීමෙන්, එන්නත් නිෂ්පාදන හැකියාවට චීනයේ ඉල්ලුම සපුරාලිය හැකි බව එහිදී ප්‍රකාශ කෙරිණ.