බ්‍රිතාන්‍ය නව කොරෝනා ප්‍රබේදය මාරාන්තිකයි

ජන 23, 2021

    බ්‍රිතාන්‍යයේ වාර්තා වූ නව කොරෝනා වෛරසයේ ප්‍රබේද පළමු වෛරසයට වඩා මාරාන්තික එකක් බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

    රට තුළ කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ අනුපාතය මගින් නව ප්‍රබේදයේ මාරාන්තික ‍ස්වභාවය පෙනෙන්නට ඇති බව ඔහු තවදුරටත් කියා සිටියි.

    නව ප්‍රභේදය දැනටමත් බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්ත වී තිබේ. මුල් වෛරසයට වඩා නව ප්‍රභේදය මගින් ආසාධන වේගය වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වෛරසය සඳහා ලබාදෙන එන්නත මෙම නව වෛරස ප්‍රභේදය සඳහා ද ප්‍රතිචාර දක්වනවා ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතියි.

    ලන්ඩනයේ ඉම්ජිරියල් විශ්වවිද්‍යාලය, ලන්ඩනයේ සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය වැනි තවත් විශ්වවිද්‍යාල ගණනාවක තවමත් මෙම නව ප්‍රභේදය කෙතරම් මාරාන්තික ද යන්න සොයා බැලෙයි.

    ඊයේ දිනයේ දී ද 40,000 ඉක්මවූ නව ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමෙන් අනතුරුව සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තිස් පන් ලක්ෂ අසූතුන් දහස ඉක්මවා ගොස් තිබේ.

    Latest News