පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක

මාර් 07, 2021

    පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ ඓතිහාසික සංචාරයක නිරතව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    මෙය, පාප් වහන්සේගේ ප්‍රථම ඉරාක චාරිකාවයි. එමෙන්ම, කොරෝනා වසංගතය හමුවේ ඉතාලියෙන් පිටත සිදු කෙරුණු ප්‍රථම සංචාරය ද මෙයයි. උන්වහන්සේ ඉරාකයේ බැග්ඩෑග් අගනුවරට පැමිණි‍යේ, පසුගිය සිකුරාදා. යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශවල චාරිකා කිරීම උන්වහන්සේගේ අරමුණයි.

    බැග්ඩෑග් ගුවන් තොටුපොළේදී උණුසුම් අයුරින් උන්වහන්සේව පිළිගත්තේ, ඉරාක දේශපාලන අධිකාරිය ඇතුළු රාජතාන්ත්‍රිකයින්. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, අග්‍රාමාත්‍ය මුස්තාපා අල් කද්මි සහ ජනාධිපති බර්හාම් සාලි සමඟ ද සාකච්ජාවකට එක්වූහ.

    ඉරාකයේ ක්‍රිස්තියානි ප්‍රජාවේ සාමාජිකයින් ඇතුලු ජනතාව හමුවූ උන්වහන්සේ ඔවුන්ගේ ගැටලු පිලිබඳ අවධානය යොමු කළේය. යුද්ධයෙන් විනාශයට පත් දේවස්ථාන කිහිපයක ද උන්වහන්සේ චාරිකා කිරීමට නියමිතයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වූ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙන්නේ, අයර්බිල් පාපන්දු ක්‍රීඩාංගණයේදී.

    අද පැවැත්වෙන දේව මෙහෙයට දස දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වෙතැයි අපේක්‍ෂා කෙරේ.

    Latest News