විරෝධතා පැවැත්වුණේ,මිනෙපොලිස් ප්‍රාන්තයේ දී.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියාට එරෙහි නඩු විභාගය මේ මස ආරම්භ වීමට නියමිතයි. විරෝධතා පැවැත්වුණේ, නඩු විභාගයට සමගාමීවයි.
ඩෙරික් චව්වින් නමැති එම පොලිස් නිලධාරියාට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ. විරෝධතාකරුවන් පවසන්නේ, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙතෙක් පැවති කිසිඳු නඩු විභාගයකින් වින්දිතයන්ට නිසි ලෙස සාධාරණය ඉටු නොවූ බවයි.