මියන්මාර උද්ඝෝෂණවල දී තවත් 21ක් මරුට

මාර් 15, 2021

    මියන්මාර හමුදා ජුන්ටා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල දී තවත් විරෝධතාකරුවන් 21 දෙනෙක් ඊයේ මියගොස් තිබේ.

    උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූයේ,පසුගිය මස පළමු වැනිදායි. එය දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතියි. රජය,හමුදාව සහ පොලීසිය යොදවමින් උද්ඝෝෂකයින් මර්දනය කිරීමට පියවර ගෙන තිබේ.

    ඇතැම්, අවස්ථාවල දී කඳුලුගෑස් මෙන්ම ජීව උණ්ඩ ද භාවිත කෙරේ. ජීවිත හානි සිදුවුවද, හමුදා පාලනයට හිස නොනමන බවයි, ජනතාව පවසන්නේ.

    මීට පෙර වසර ගණනාවක් හමුදා පාලනයක් යටතේ දිවි ගෙවූ ජනතාව රට යළි හමුදා ජුන්ටාවකට බාර දීමට සූදානම් නොමැති බව උද්ඝෝෂණවලින් පෙනෙන්නට ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 11:45

    Latest News