ඔවුන් එම ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ,අමෙරිකාව ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වී වසරකට පසුවයි.
යුරෝපා සංගමය නිවේදනය කළේ,2015 ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමේ අමෙරිකාව හැර අනෙකුත් පාර්ශවයන් අද දින සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිත බවයි.
එම සාකච්ජාවල දී අමෙරිකාව යළිත් මෙම ගිවිසුමට එක්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි,වාර්තා වන්නේ.
ජනාධිපති ජෝ බයිඩන් ඊට සිය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.