“ඩෙල්ටා“ වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන්

ජූනි 04, 2021

    කොවිඩ්-19 දරුණු ප්‍රභේදයක් වන “ඩෙල්ටා“ වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් හමුව තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇති දරුණු වෛරස ප්‍රභේදවලින් එකක් වන්නේ ඩෙල්ටා වෛරස ප්‍රභේදයයි. එය ඉකුත් සතිය තුළ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබේ. මාස තුනක කාලයක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූව ද මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ් වසංගතයේ ඉතා දරුණු තත්වයකට මුහුණ දෙමින් සිටී.

    මෙල්බර්න් නගරය තුළ දෙවන වරටත් වසා තැබීමේ නීතිය ක්‍රියාත්මක බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Latest News