ආසියාවේ රටවල් රැසකින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවී ඇති අතර, ආසියානු කලාපය තුළ මැයි මාසයෙන් පසුව රෝගීන් වාර්තාවීම ද ඉහළ අගයක් ගෙන තිබේ.
ඉන්දියාවෙන් ප්‍රථමයෙන් වාර්තා වූ මෙම ඩෙල්ටා ප්‍රභේදය කොරෝනා වෛරසයේ දැනට වඩාත් වේගයෙන් පැතිරෙන විකෘති ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.