මයික්‍රොසොෆ්ට් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය පිටුපස චීනයද?

ජූලි 20, 2021

    චීනය මයික්‍රොාසොෆ්ට් සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට බටහිර රටවල් චෝදනා කරයි.

    අමෙරිකාව,බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය පවසන්නේ, මේ වසරේ ජනවාරි මාසයේ එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරයෙන් ගෝලීය වශයෙන් ආයතන 30,000කට පමණ බලපෑම් එල්ල වූ බවයි.

    බටහිර ආරක්ෂක සමාගම් පවසන්නේ, චීනයේ සයිබර් ප්‍රහාරයක ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින බවයි.

    මෙම ප්‍රහාර මගින් මහා පරිමාණයේ දතත් උකහා ගැනීමක් සිදුව ඇති බව ද බ්‍රිතාන්‍ය ප්‍රකාශ කරයි. සොරා ගත් තොරතුරු අතර පුද්ගලික දත්ත හා බුද්ධිමය තොරතුරු ද වන බවයි, වාර්තා වන්නේ. කෙසේ වෙතත්, චීනය මෙම චෝදනා සියල් ප්‍රතික්ෂේප කරයි.

    Last modified on අඟහරුවාදා, 20 ජූලි 2021 15:48

    Latest News