ගංවතුරින් තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි බලපෑම්..... (වීඩියෝ)

නොවැ 08, 2021
  • අධික වර්ෂාපතනය හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    ජන ජිවිතය මුළුමනින්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි, තිරුවල්ලූර්, චෙන්ගල්පට්ටු සහ කාවචිපුරම් යන නගරවල පාසල් වසා තැබීමට ද බලධාරින් පියවර ගෙන තිබෙනවා. අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පිරිස්, සහන කඳවුරු වෙත යොමු කිරීමටයි ක්‍රියාකර ඇත්තේ.

    චෙන්නායි නගරයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. පහත්බිම් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදීත් අධික වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ.

    කෙසේ වුවද දැඩි ගංවතුර හේතුවෙන් මෙතෙක් කිසිදු ජිවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වන්නේ නැහැ. වර්ෂ 2015න් පසු චෙන්නායි නගරයට බලපෑ වැඩිම වර්ෂාපතනය මෙය බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News