එරට නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, ඉකුත් සතිය තුළ පුද්ගලයින් 100,000 කට සාපේක්ෂව කොරෝනා රෝගීන් 303 දෙනෙකු හඳුනාගනු ලැබූ බවයි. ජර්මනියේ කොරෝනා රෝගීන් ආසාදන අනුපාතය 300 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. එරට වෛරස ව්‍යාප්තිය පාලනයට බලධාරින් නව නීති මාලාවක්ද හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව, ආපනශාලා තුළ ආහාර ගැනීමට අවසර හිමි වන්නේ, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට පමණයි. සිනමා ශාලා මෙන්ම කෞතුකාගාර වැනි පොදු ස්ථානවලට ඇතුලුවීම සඳහා එන්නත් ලද පුද්ගලයින්ට අවසර හිමි වන අතර, මෙතෙක් එන්නත් නොලද පුද්ගලයින්ට සමාජ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.
ජර්මනියේ ඊයේ කොරෝනා නව ආසාදිතයින් 30,483 දෙනෙකු හඳුනා ගත් අතර එම කාලසීමාවේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 167 ක්