දිල්ලි අගනුවර වායු දූෂණය, අතිශය අවදානම් තත්වයක

නොවැ 17, 2021

    ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය, අතිශය අවදානම් තත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම නිසා නගරයේ දෛනික වැඩ කටයුතු රැසක් අත්හිටුවා ඇති බවයි. නගරයේ පාසල් දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු ලබන 21 දක්වා අත්හිටුවා තිබෙනවා. එසේම, නගරයේ ගල් අඟුරු බලාගාර 11න්, 6ක්ම වසා දමා ඇත්තේ වායු දූෂණ මට්ටම අනතුරුදායක ලෙස ඉහළයාම හේතුවෙන්.

    අත්‍යවශ්‍ය නොවන ලොරි රථවලට නගරයට ඇතුල්වීම ද තහනම්. දීපවාලි උත්සවයෙන් අනතුරුව, දිල්ලි අගනුවර වායු දූෂණය විශාල ලෙස ඉහළ ගිය අතර නගරයේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ඇති දූෂකකාරක අංශු ප්‍රමාණය, ඒකකයට අංශු 400ක් දක්වා ඉහළ අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එය තිබිය යුතු වන්නේ 50ට අඩුවෙන්.

    ඉන්දියාවේ සෑම වසරකම ශීත සෘතුව ආසන්න වනවිට වායු දූෂණය ඉහළයාම දක්නට ලැබෙනවා. ගොවීන් කෘෂි අපද්‍රව්‍ය ගිනි තැබීම හා දීපාවලී උත්සවයට සිදු කෙරෙන ගිනි කෙළි මීට ප්‍රධාන හේතුවක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News