චිලී රාජ්‍යයට ලාබාල ජනාධිපතිවරයෙක්

දෙසැ 20, 2021

    චිලී හි ඊයේ (19) පැවති ජනාධිපතිවරණයෙන් 35 වියැති ගේබ්‍රියල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ.


    චිලී හි ඉතිහාසයේ ලාබාලතම ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බොරික් වාමාංශික පක්ෂයක් නියෝජන කරන අතර හිටපු ශිෂ්‍ය නායකයෙකු ද වනවා.

    ඔහු 55.87%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔහු සමඟ තරග කළ දක්ෂිණාංශික අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 44.13%ක්.

    ඒ අනුව 35 හැවිරිදි ගේබි්‍රයෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එරට මෙලෙස ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ විශාල ලෙස ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවකින් පසුවයි. මෙවර ජනාධිපතිවරණයේ පෙරමුණට පැමිණි ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම මින් පෙර ආණ්ඩු කළ පක්ෂවලින් බිහි නොවීම විශේෂත්වයක් ලෙස සැලකේ.

    Last modified on සදුදා, 20 දෙසැම්බර් 2021 14:49

    Latest News