නව වසරේ ලෝක වාසීන්ට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ජන 01, 2022

    2022 නව වසර නිමිත්තෙන් චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ වෙබ් අඩවි ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළේය.

    ගෙවී ගිය 2021 , චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම සමස්ත චීනයටම සන්ධිස්ථානගත වසරක් වූ බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. සමාජවාදී, නවීන රටක් පූර්ණ ලෙස ගොඩනැංවීමේ නව ගමන්මගක චීනය අභිමානවත් ව ගමන් ගනිමින් සිටී.

    රටේ සියලු ක්ෂේත්‍රවල සෑමදෙනාගේම කැපවීමෙන් විශිෂ්ට ප්‍රතිඵල තම රටට අත් වූ බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.  

    ගෝලීය  වසංගත පාලනය සඳහා චීනය ලබා දුන් දායකත්වය ජාත්‍යන්තර පැසසුමට ලක් වී තිබේ. මේ දක්වා, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සඳහා චීනය සැපයූ කොවිඩ් -19 එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 2කි.  එකමුතුවීමෙන් පමණක් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවිය හැකි බව චීන ජනාධිපතිවරයාගේ අදහසයි.

    ලෝකය වෙනුවෙන් අසිරිමත් සීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් තිළිණ කිරීම චීනයේ ඒකායන අරමුණ බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News