බ්‍රිතාන්‍යයේ පාසල් සිසුන්ට මුව ආවරණ අනිවාර්ය කෙරේ

ජන 04, 2022

    බ්‍රිතාන්‍යයේ සියලුම ද්විතීයික පාසල් සිසුන්ට පංති කාමර වෙත පැමිණීමේ දී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.

    නව පාසල් වාරය, ඉහළ වෛරස ව්‍යාප්තියක ආරම්භය විය හැකි බවයි,සෞඛ්‍ය අංශ පවසන්නේ.

    උත්සව සමයෙන් පසු දරුවන් පාසල් වෙත පැමිණීමේ දී ඔවුන්ගේ ආරක්‍ෂාව මෙන්ම වෛරස ව්‍යාප්තිය ද පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 12:16

    Latest News